Mora Piritha | මෝර පිරිත | Mahamevnawa

Mora Piritha | මෝර පිරිත | Mahamevnawa 

Introduction: 0:10 

Mora Piritha | මෝර පිරිත : 1:26 

උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... නමෝ බුද්ධාය! 

# Don't forget to LIKE & SUBSCRIBE... 

# Like us on facebook: https://www.facebook.com/pg/Budu-Sasuna-Bebalewa-256824478285510

# Like us & Re-tweet: https://twitter.com/bsbebalewa


මෝර පිරිත (Mora Piritha) 


හිරු උදා වන විට පවසන ගාථාව 


උදේතයං චක්ඛුමා ඒකරාජා 

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍ 

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං 

තයජ්ජ ගුත්තා විහරේමු දිවසං 


යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ 

තේ මේ නමෝ තේච මං පාලයන්තු 

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා 

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා 

ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා 


ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා උදා වෙයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ දවස සැපසේ වෙසෙමු. 


යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) දත යුතු සියලු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා දවසේ කටයුතු වල හැසිරුණේ ය.


හිරු බසින විට පවසන ගාථාව 


අපේතයං චක්ඛුමා ඒකරාජා 

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ 

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං 

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං 


යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ 

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා 

නමෝ විමුත්තානං නමෝ විමුත්තියා 

ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.


ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා බැස යයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ රැය සැපසේ වෙසෙමු.


යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා සුවසේ වාසය කළේ ය.

මෙම වටිනා ගාථා භාවිතා කිරීමෙන් බුදුන් කෙරෙහි, රහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වේවා! එමගින්  රැකවරණයක්, යහපතක් ම සිදු වේවා!


Pali-Sinhala Piruwana Poth Wahanse [Large Size] (Sinhalese) Paperback – 8 Aug 2016 | https://amzn.to/2ThbQ8W 

Mora Piritha | මෝර පිරිත | Mahamevnawa 

උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... නමෝ බුද්ධාය!

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING